e0c3b414-e93b-4e0f-bba0-a2c693408c51.png

මානසික සෞඛ්‍ය අවබෝධ කර ගැනීම

යෞවන ජීවිතයේ යහපැවැත්ම සඳහා යහපත් මානසික සෞඛ්‍යය වැදගත් වේ. ඉඳින් එය කුමක්ද? එය එතරම් වැදගත් වන්නේ ඇයි?

මානසික සෞඛ්‍යය යන්නෙන් සමාජීය සහ චිත්තවේගීය යහපැවැත්ම අදහස් වේ. සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට, ඔබට කිරීමට අවශ්‍ය දේවල් කිරීමට, ජීවිතය භුක්ති විඳීමට, ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට, වෙනස් වීමට අනුවර්තනය වීමට සහ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට ඔබට යහපත් මානසික සෞඛ්‍යයක් අවශ්‍ය වේ. නව යොවුන් වියේදී යහපත් මානසික සෞඛ්‍යක් තිබීම ඔබේ ජීවිත කාලයටම ඔරොත්තු දීමේ හැකියාවට සහ යහපැවැත්මට උපකාරී වන බැවින් යහපත් මානසික සෞඛ්‍යක් තිබීම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීම සඳහා වන ඔබේ හැකියාව වර්ධනය කරනු ලබයි.

ඔරොත්තු දීමේ හැකියාව යනු කුමක්ද?

සෑම කෙනෙකුම දුෂ්කර කාලවලට හෝ අර්බුදවලට මුහුණ දෙයි; මෙය ජීවිතයේ සාමාන්‍ය දෙයකි. ඔරොත්තු දීමේ හැකියාව යනු අනුවර්තනය වීමට ඇති හැකියාවයි. ඒනම්, දුෂ්කර කාලපරිච්ඡේදයට පෙර පැවති හැකියාවන් සහ ක්‍රියාකාරකම්වල මට්ටමට නැවත පැමිණීමේ හැකියාවයි. ඔබ ඔරොත්තු දෙනවා නම්, ඔබට සාමාන්‍යයෙන් දුෂ්කර අවස්ථාවන්ගෙන් ඉගෙන ගත හැකි අතර එය ඔබට චිත්තවේගීයව වැඩීමට සහ ශක්තිමත් ලෙස 'මුහුණ දීමේ ක්‍රමවේද' සහ 'ජීවන කුසලතා' වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

‘මුහුණදීමේ ක්‍රමවේද’ සහ ‘ජීවන කුසලතා’ යනු දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන විට අප භාවිතා කරන උපාය මාර්ග වන අතර එය වේදනාකාරී හෝ දුෂ්කර හැඟීම් කළමනාකරණය කිරීමට සහ ගැටලු ජය ගැනීමට උපකාරී වේ. සෞඛ්‍ය සම්පන්න සහ ධනාත්මක මුහුණදීමේ ක්‍රමවේද, සහ ජීවන කුසලතා තිබීම අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරන අතරම අපේ ජීවිතයේ උපරිමය ලබා ගැනීමට අපට උපකාරී වේ!

වැදගත්: සියලුම ළමයින්ට තරුණයින්ට ඔවුන්ගේ මුහුණ දීමේ හැකියාව, ජීවන කුසලතා, ඔරොත්තු දීමේ හැකියාව සහ මානසික සෞඛ්‍යය ශක්තිමත් කරගැනීමට හැකියාව ඇත.

මෙම පිටුව මගින් ඔබට මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ ප්‍රයෝජනවත් උපදෙස් සහ ඉඟි ලබා දෙනු ඇත. පළමුව, පහත අපගේ ප්‍රශ්නාවලියෙහි මානසික සෞඛ්‍යය පිළිබඳ ඔබේ දැනුම පරීක්ෂා කර බලමු.

මෙම මානසික සෞඛ්‍ය තොරතුරු ඔබට වැදගත් වීද?

මෙම මානසික සෞඛ්‍ය තොරතුරු ඔබට වැදගත් වීද?

එකක් තෝරගන්න

ඊළඟ