හුස්ම ගැනීමේ අභ්‍යාස

විටින් විට කනස්සල්ලට පත්වීම සහ කලබල වීම ද ජීවිතයේ ම කොටසකි. අප බියට පත් වූ විට, කනස්සල්ලට පත් වූ විට, ආතතියට පත් වූ විට හෝ නොසන්සුන් වූ විට සන්සුන් වන්නේ කෙසේදැයි දැන ගැනීම හොඳ ජීවන කුසලතාවකි. සන්සුන් වීමට සහ විවේක ගැනීමට බොහෝ ක්‍රම තිබේ. පහසුම, වේගවත්ම ක්‍රමයක් නම් ගැඹුරින් හුස්ම ගැනීමයි.

Self-care.png

ගැඹුරු හුස්ම ගැනීම කෝපය, ආතතිය සහ කාංසාව වැනි හැඟීම් අඩු කිරීම සඳහා ඵලදායී තාක්ෂණයකි. මන්දගාමී හුස්ම ගැනීම ශරීරය ලිහිල් කරන අතරම අපට සන්සුන් වීමට අදාළ තත්වයන්ට මුහුණ දීමට සහය වේ.

  1. ආශ්වාස කරන්න,
  2. හුස්ම අල්ලාගෙන සිටින්න,
  3. හුස්ම පිට කරන්න,
  4. හුස්ම අල්ලාගෙන සිටින්න.

සෑම පියවරක්ම තත්පර හතරක් පවත්වාගන්න: අනුගමනය කරන්න:

සුදානම් වන්න.

අවධානය රඳවා ගැනීමට 10 දක්වා ගණන් කරන්න.

පහසු ඉරියව්වක් සොයාගන්න. ඒසේ නැතහොත්, ඔබේ පාද බිම වැතිරෙන පරිදි අසුන් ගන්න.

ඔබේ උදරය මත දෑත් තබා තොල් වසා ගන්න

පියවර 1 - ආශ්වාස කරන්න

හතර දක්වා ගණන් කරමින් නාසය හරහා හුස්ම ගන්න. ඔබේ දෑත් ඇති ස්ථානයේ වාතය ඔබේ උදරයට ඇද ගැනීමට උත්සාහ කරන්න. ඔබේ නාසය හරහා සුවපහසු ලෙස හුස්ම ගැනීම අපහසු ලෙස හැඟේ නම්, ඒ වෙනුවට ඔබේ මුඛයෙන් හුස්ම ගැනීම වුව ද සුදුසුය!

1....

2....

3....

4....

පියවර 2 - ඔබේ හුස්ම රඳවා ගන්න

හතරට ගණන් කිරීම සඳහා ඔබේ පෙනහළු පිරී යන පරිදි ඔබේ හුස්ම රඳවා ගන්න.

1....

2....

3....

4....

පියවර 3 - හුස්ම සෙසෙන් නිදහස් කරන්න

හතරේ සිට හතර දක්වා ගණනට සෙමින් මුදා හරින්න.

1....

2....

3....

4....

පියවර 4 - ඔබේ හුස්ම රඳවා ගන්න.

හතරට ගණන් කිරීම සඳහා ඔබේ පෙනහළු හිස්ව තබාගෙන නැවත සිටින්න.

1....

2....

3....

4....

පියවර 1 හිදී ඒම ක්‍රියාවලියම මුල සිට ආරම්භ කර නැවත කරන්න

ආශ්වාස කරන්න, නැවතත්, ආශ්වාසයක් සමඟ හතරට ගණන් කරන්න. පියවර 1 සිට ආපසු ආරම්භ කරන්න. විනාඩියකදී මෙම ක්‍රියාකාරකම නැවත නැවතත් කරන්න.

ඔබේ දෑස් වසා ගන්න

අනතුරුව සන්සුන්ව සිතන්න. ඔබේ ශරීරය ඉහිල්ස වී ඇතිබව විවේකීව දකින්න.

ඉඟි:

  • ඉක්මනින් ගණන් කරන්න එපා! එකවර හතරට ගණන් කරමින් හුුස්ම ගැනීම ඔබට අපහසු නම්, තුනකින් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.
  • ඔබ හුස්ම ගන්නා විට උදරය මත ඔබේ දෑත් ඉහළට සහ පහළට ගමන් කරන ආකාරය දෙස අවධානය යොමු කරන්න - ඔබ එය නිවැරදිව කරන බව පෙන්වන සංඥාව එයයි.
  • හුස්ම ගැනීමේ අභ්‍යාසය සම්පූර්ණ මිනිත්තුවක් සඳහා පුහුණු වෙමින් වැඩි කාලයක් දරාගැනීමේ හැකියාව ගොඩනඟා ගන්න.
  • ඔබ ආතතියට පත් නොවී සිටින අවස්ථාවල දී පුහුණු වන්න, එවිට ඔබට අවශ්‍ය අවස්ථාවල දී අවශ්‍ය කුසලතා සූදානම් වේ.
  • ඔබට අයහපත් හැඟුමක් දැනෙන විට, ඔබටම කියන්න "මගේ හිකට දුකක් දැනෙන විට එයට මුහුණ දීමට මම ඉගෙන ගන්නවා, ඒ නිසා මට දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිය ලැබෙනවා, මම මා ගැන ම ආඩම්බර වෙමි." එවිට ඔබව සහ ඔබේ හැඟීම් පාලනය කිරීමට හුස්ම ගැනීමේ තාක්ෂණය භාවිතා කරන්න.