Depression and silent struggles.png

හිරිහැරකාරී පුද්ගලයන් සමඟ කටයුතු කිරීම

හිරිහැර කිරීම යනු යමෙකු වෙනත් පුද්ගලයෙකුට හිතාමතාම, නැවත නැවතත් රිදවීමයි. හිරිහැර කිරීම කිසිදු විටෙක නිවැරදි නැත. හිරිහැර කිරීමේ සලකුනු ලෙස ශාරීරික තුවාල සිදුකිරීම, පාසැලේ ගැටළු ඇතිකිරීම සහ නිවසේ දී දුක්මුසුව සිටීමට සිදුවීමයි.

හිරිහැර කිරීම මුහුණට මුහුණ සිදු විය හැකිය. ඒමෙන්ම ඒය මාර්ගගතව ද සිදු විය හැක. නිදසුනක් වශයෙන්, නරක පෙළ යැවීම හෝ සමාජ මාධ්‍යවල පහත් දේ පැවසීම වැනි දේ දැක්විය හැකිය. මේවා සයිබර් හිරිහැර කිරීම්ය. සියලුම ආකාරයේ හිරිහැර කිරීම් වේදනාකාරී වේ.

මිතුරන් සමඟ බහින්බස්වීමක් හෝ පහත් ප්‍රකාශයන් හිරිහැර කිරීම් (බුලි කිරීම්) ගණයට අයත් නොවේ. හිරිහැර කිරීම යනු නැවත නැවතත් සිදු වන නපුරු හා හානිකර හැසිරීමකි.

හිරිහැර කිරීම් සමඟ කටයුතු කිරීමේදී උපකාරී වන අදහස් කිහිපයක් :

  • එය නොසලකා හැර ඉවත් වන්න: සමච්චල් කරන හෝ හිරිහැර කරන පුද්ගලයන්ගෙන් භෞතිකව ඈත් වන්න.
  • හිරිහැර කරන පුද්ගලයාට නවත්වන ලෙස පවසන්න:සන්සුන්ව සිටිමින්වුන්ගේ උපක්‍රම ක්‍රියාත්මක නොවන බව ඔවුන්ට දැන ගැනීමට සලස්වන්න.
  • ඔබ කිරීමට කැමති දේවල් කිරීමෙන් ඔබව නොවළක්වන තාක් දුරට අධි අවදානම් සහිත අවස්ථා වළක්වා ගන්න
  • නිතරම වෙනත් පුද්ගලයින් සමඟ සිටින්න: ඔබ ඔබේ මිතුරන් සමඟ රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයා ඔබට කරදර නොකරනු ඇත. ගුරුවරුන්ට පෙනෙන මානයේ ගැවසීමත් සුදුසුය.
  • උපකාර සඳහා වෙනත් යහළුවන්ගෙන් විමසන්න: යහළුවන් ඔබ අත්විඳින දේ තේරුම් ගෙන, ඔබට සහය නම් උපකාර කරනු ඇත. ඔබට සහායක් ඇති නම් අන්‍යයන් හිරිහැර කිරීමට ඇති ඉඩකඩ අඩුය.
  • ගුරුවරයාට කියන්න: ඔබේ ගුරුවරයා ඔබට ගැටලුව සමඟ කටයුතු කිරීමට උපකාර කළ හැකිය.
පෙර ඊළඟ