MicrosoftTeams-image.png

ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම යනු කුමක්ද?

ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපගයාසවලට අනුවගතනය වීම යනු ජනතාවට ආපදාවලින් සිදුවන බලපෑම් අඩු කිරීමට, ආපදා සඳහා පෙර සූදානම් වීමට සහ ආපදා කළමනාකරණයට නිසි සැලසුම් සැකසීමට රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාකාරකම් වේ. ආපදා අවදානම් අවම කිරීම මඟින් අවදානමට ලක් විය හැකි අය හෝ ආපදාවෙන් පීඩාවට පත්වන්නේ කවරෙක් ද, ඔවුන්ගේ ජීවනෝපායන් මොනවාද යන්න සොයා බලා, ආපදාව මඟින් රටට සහ ආගථිකයට ඇති කරනු ලබන බලපෑම අධ්‍යයනය කර එම බලපෑම් අඩු කිරීම සඳහා සුදුසු සැලසුම් සකස් කරයි. දේශගුණික විපගයාසවලට අනුවගතනය වීම මඟින් රටක් දේශගුණය කෙරෙහි ඍණාත්මක ලෙස බලපෑම් කරනු ලබන්නේ කෙසේද (උදා: කගමාන්ත, කෘෂිකගමය හෝ නිවාස සඳහා කැළෑ එළි කිරීම) සහ දේශගුණ වෙනස්වීම් අපගේ ජීවිත වලට බලපානු ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳව අධ්‍යයනය කර, ඒ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාගග ගැනීම සිදු කරයි.

2015-2030 ආපදා අවදානම් අවම කිරීම සඳහා සෙන්දායි රාමුව, පැරිස් දේශගුණික ගිවිසුම වැනි ජාත්‍යන්තර මාගගෝපදේශ හා ගිවිසුම් මඟින් ළමයින් සහ තරුණයින් වෙනසක් ඇති කළ හැකි නායකයින් බව පෙන්වා දෙන අතර ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපගයාස සඳහා අනුවගතනයේ දී ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට, අවකාශය හා ක්‍රමවේදයන් සැකසීමට දිරිමත් කරයි.

ශ්‍රී ලංකාවේ ද, එවැනි සැලසුම් සකස් කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන වැනි ආයතනවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රජය විසින් මෙම සැලසුම් සකස් කරනු ලැබේ.

ඊළඟ