MicrosoftTeams-image (1).png

අපි අපගේ කාර්යභාරය ඉටු කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාගතමේන්තුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), වගල්ඩ් විෂන් ලංකා (World Vision lanka) සහ චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා (Childfund Sri Lanka) විසින් ළමුන්ට ආපදා මගින් ඇති කරන බලපෑම අවබෝධ කරගෙන, ආපදා අවදානම් අඩු කිරීමේ ප්‍රතිචාර තුළ දී ළමුන්ගේ කැමැත්ත හා අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව අවධාරණය කෙගෙ. ඉන් අදහස් වන්නේ ආපදා අවදානම් අවම කිරීම හා දේශගුණික විපගයාසවලට අනුවගතනය වීම සඳහා සැලසුම් සකස් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී ළමුන්ගේ සහභාගීත්වයට විශේෂ අවධානයක් දිය යුතු බවයි. එබැවින්, අපගෙන් 350 දෙනෙකුට මෙම සංවිධාන සමඟ කටයුතු කිරීමට සහ ආපදාවල බලපෑම් ළමුන් දකින ආකාරය පෙන්වා දීමට අවස්ථා ලැබුණි. එසේම අපගේ ගම් මට්ටමින් සැලසුම් කිරීමේ දී අපි ඔවුන්ට උදවු කළෙමු.

අපේ ජීවිතවලට ස්වාභාවික විපත්වලින් වන බලපෑම අඩු කිරීමට සහ ආපදා අවස්ථාවල දී ළමා ආරක්ෂාව හා අධ්‍යාපනයේ ගැටළු නොමැති බව සහතික කර ගැනීම සඳහා අවශ්‍ය වගන්ති හයකින් යුතු ප්‍රකාශනයක් සකස් කිරීමට වෙනසක් ඇති කළ හැකි නායකයින් ලෙස අපගේ වැදගත් කාගයභාරය හරහා අපට අවස්ථාවක් ලැබුණි.

මෙම ක්‍රියාවලියට සක්‍රීය ලෙස සම්බන්ධ වීමෙන් ආපදා අවදානම් අවම කර ගන්නේ කෙසේද, ආපදාවක දී ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද, අපගේ ප්‍රජාවන් තුළ දේශගුණික විපගයාස සඳහා අනුවගතනය වීමට කෙබඳු ක්‍රියකාරකම් අවශ්‍ය වේ ද යන්න පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලැබෙන බව අපට හැඟේ. ඒ සියල්ලටම වඩා මේ හරහා අපේම අනාගතය සඳහා බලපෑම් කිරීමට අනගි අවස්ථාවක් ලැබෙන බව අපට හැඟේ.

පෙර