MicrosoftTeams-image.png

මෙය කුමක් සඳහාද?

ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානය අනුව සහ එහි භූමියේ, කඳුවැටිවල, ගංඟාවල සහ නිවගතන කාලගුණ රටාවන්වල සැකැස්ම හේතුවෙන් අපට අයහපත් කාලගුණික තත්වයන්ට සහ අධික වගෂාපතනය, ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික ආපදාවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවේ. අපේ දේශගුණය ද කාලයක් තිස්සේ විවිධ වෙනස්වීම්වලට භාජනය වීමෙන්, අපේ හුරු පුරුදු කාලගුණික රටාවන් වෙනස් කර ඇත. දැන් අපි නිරන්තරයෙන්ම, දරුණු හා විවිධ කාලගුණික තත්වයන්ට මුහුණ දෙන්නෙමු. මේවා අපේ යහපැවැත්මට දැඩි බලපෑම් ඇති කරයි. දරුණු කාලගුණික තත්වයන් සහ ස්වාභාවික ආපදා වැඩිවන විට, ඒ සඳහා අප සූදානම් නැති නම්, බොහෝ පවුල් සහ ළමයින් ඉන් පීඩා විඳිනු අපට දැකිය හැකිය. අපගේ යහපැවැත්ම සඳහා දෙමාපියන්, භාරකරුවන් සහ වැඩිහිටියන් මත අපට යැපීමට සිදු වන බැවින්, ස්වාභාවික ආපදාවල දී අපගේ සමහර තීරණාත්මක අවශ්‍යතා සැපිරෙන්නේ නැති බව අපට පෙනේ. බොහෝ විට අපට දීගඝ කාලීනව පාසල් අධ්‍යාපනය අතහැර දැමීමට සිදු වේ. ආපදාවක දී ළමා ආරක්ෂක සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අපගේ සහෝදර සහෝදරියන් ඉන් පීඩා විඳිනු අපට දැකිය හැකිය. ආපදාවන්ගෙන් පීඩාවට ලක්වූවන්ට පෝෂ්‍යදායී ආහාර, ආරක්ෂිත පානීය ජලය හා නිසි සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමට පවා බාධා ඇතිවේ. දරුණු කාලගුණික හා ආපදා ඇති අවස්ථාවල දී අපගේ දෙමාපියන්ට රැකියා කිරීමට නොහැකි වන අතර අපේ ජීවනෝපායන්ට හානි වේ. අපගේ පවුල්වල ආදායම් මාගග අහිමි වේ. මෙම මූල්‍ය බලපෑම අපට දිගු කාලීනව දැනේ.

ඊළඟ