iogt Kerala-01.jpg

වගන්තිය 1: සියලූ ළමයින්ට සියලූ අවස්ථාවල දී ආරක්ෂිත පරිසරයක් තුළ අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවිය යුතුයි.

සියලූම ළමයින් සඳහා බාධාවලින් තොර වූ සුරක්ෂිත පරිසරයක, ආපදා සූදානම සහ ජීවිතාරක්ෂක කුසලතා පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් අධ්‍යාපනයක් සඳහා ඇති අයිතිය පිළිගනී.

මින් අදහස් කරන්නේ:

  • අයහපත් කාලගුණික තත්වයන් හා ආපදාවල දී පවා අපට අඛණ්ඩව පාසල් යා හැකිය.
  • අපේ පාසල් ආරක්ෂිතව පවතිනු ඇති අතර ඕනෑම ආපදාවකට මුහුණ දීමට අප සූදානම්ව සිටිනු ඇත.
  • පාසල් යාම සඳහා අපට පරිසර හිතකාමී හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් පවතිනු ඇත.
  • අපට හොඳ සෞඛ්‍ය සේවාවක් ලැබෙනු ඇත.
  • පාසලේ දී අප දේශගුණික විපගයාස, ස්වාභාවික ආපදා සහ ආපදා අවස්ථාවලට සූදානම් වන්නේ සහ ආරක්ෂා වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඉගෙනුම ලබන අතර වෙනස්වන දේශගුණික තත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍යවන කුසලතා ලබා ගනු ඇත.
ඊළඟ