MicrosoftTeams-image (2).png
ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම පිළිබඳ ශ්‍රී ලංකා ළමා ප්‍රකාශනයේ වගන්ති

වගන්තිය 1: සියලූ ළමයින්ට සියලූ අවස්ථාවල දී ආරක්ෂිත පරිසරයක් තුළ අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවිය යුතුයි.

iogt Kerala-01.jpg

වගන්තිය 2: ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සැලසුම් සකස් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී ළමයින්ගේ අදහස්වලට, ඔවුන්ගේ කැමැත්තට සහ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතුයි.

iogt Kerala-05.jpg

වගන්තිය 3: සියලූම සංවර්ධන කටයුතු තිරසාර විය යුතුයි.

iogt Kerala-04.jpg

වගන්තිය 4: පූර්ව ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති සකස් කිරීමේ දී ළමයින්ගේ දායකත්වය ලබා ගත යුතුයි.

iogt Kerala-07.jpg

වගන්තිය 5: ආපදා තත්වවල දී සහ හදිසි ප්‍රතිචාර අවස්ථාවල දී සියලූ ළමයින් ආරක්ෂා කළ යුතුයි.

iogt Kerala-06.jpg

වගන්තිය 6: යම් ආපදාවක දී බලපෑමට ලක්වන සියලූ පවුල්වලට සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා මූල්‍යමය සහයෝගය ලැබිය යුතුයි.

iogt Kerala-03.jpg